May 03, 2024

හොඳම රංගන ශිල්පීන් දේවි බාලිකාවෙන්

මහරගම යොවුන් රඟහලේ දී පැවති 2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සීමිත අංශයේ හොඳම නිළිය ලෙස කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඉසිරි ලංකාධිරත්, හොඳම සහය නිළිය ලෙස එම විද්‍යාලයේම ඔවිනි මිනෝමා ඒකනායකත් සම්මානයට පාත්‍ර විය.

ඒ දේවි බාලිකා විද්‍යාලය වෙනුවෙන් රෂිණි ප්‍රසාන්තිකා විසින් නිර්මාණය කරන ලද 'ගුවනින් ආ බෝනික්කා' වේදිකා නාට්‍යයේ පෑ විශිෂ්ඨ රංගනය වෙනුවෙන්ය.

මෙම නාට්‍යයේ රංගන උපදේශක ලෙස ජනමාධ්‍යවේදියෙකු මෙන්ම නාට්‍යවේදියෙකු වන නිශ්මං රණසිංහ කටයුතු කළේය.

ඉසිරි සහ ඔවිනි සමඟ රසාංජනි අනුත්තරා සුබසිංහ, ලොහන්සා විද්‍යාරත්න, ගිහිනි සුපුන්යා එදිරිසිංහ, දිනාරා විදානපතිරණ, විදර්ශනා තත්සරණි මනතුංග, සනිත්මා හේවාගම, මහේලි ලොහන්සා සුබසිංහ, පෙහන්සා මන්දිනි, කවෝදි කුළුණුමිණි, කසුන්දි රවිපබා වීරසූරිය, සනුරි නිත්‍යා, පමායා ඒකනායක, පියුසි රණසිංහ, තිසුනි හසන්යා සහ සදිනි දිහන්සා සේනාරත්න ගුවනින් ආ බෝනික්කා නාට්‍යයට රංගනයෙන්  දායක වූහ.

පළමු ඡායාරූපයෙන් හොදම නිළිය වූ ඉසිරි ලංකාධිකාර (වමේ) සහ හොදම සහය නිළිය වූ ඔවිනි මිනෝමා ඒකනායකත් (දකුණ) දෙවන ඡායාරූපයෙන් එම දෙදෙනා සහ සම්මාන උළෙල නියෝජනය කළ ගුවනින් ආ බෝනික්කා නාට්‍යයේ රංගන කණ්ඩායම එය නිර්මාණය කළ රෂිණි ප්‍රසන්තිකා සහ රංගන උපදේශකත්වය සැපයූ නිශ්මං රණසිංහ සමඟත් දැක් වේ.

Rate this item
(0 votes)