May 04, 2024

අගමැති බෙල්ජියමේදී චොක්ලට් හැදුවේ මෙහෙමයි (PHOTOS)

බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර නිල සංචාරයක නිරත වෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (17) සවස ලොව්රාන් ජබාඩ් චොක්ලට් නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූණා.

චොක්ලට් නිෂ්පාදනයට ඕනෑ කරන අමු ද්‍රව්‍යයන් බෙල්ජියමේ නැතත්, 17 වන සියවසේ සිටම චොක්ලට් නිෂ්පාදනය සම්බන්ධව ඉදිරියෙන්ම සිටින රටක් විදියට බෙල්ජියම හඳුන්වන්න පුළුවන්.

අද වෙනකොට බෙල්ජියම්  චොක්ලට් නිෂ්පාදන වෙළඳපොළට විවිධ නිර්මාණශීලී චෝක්ලට් වර්ග සපයන ආයතනයක් ලෙස ලොව්රාන් ජබාඩ් ආයතනය ප්‍රසිද්ධියක් උසුලනවා.

එහි අධිපති ලොව්රාන් ජබාඩ් මහතා විසින් ඊයේ එම ආයතනයට පැමිණි වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස පිළිගෙන තමන්ගේ ආයතනය පිළිබඳවත් අපේ රටේ කුළුබඩු භාවිත කරමින් රස ගන්වන චොක්ලට් නිෂ්පාදනය කිරීම පිළිබඳවත් පැහැදිලි කරලා තිබෙනවා.

ඒ වගේ චොක්ලට් නිපදවන හැටි පෙන්වා දුන්නු ජබාඩ් මහතා, අගමැතිවරයාටත් චොක්ලට් සෑදීමට ආරාධනා කරලා තිබෙනවා.

අගමැතිවරයාත් ඊට එකඟ වෙලා චොක්ලට් හැඳීමට එක්වීම ඒ අවස්ථාවට එක්වූ සියළු දෙනාටම සොඳුරු අත්දැකීමක් වූණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරනවා.

තමන් හැදූ චොක්ලට් එතැන සිටි සියළු දෙනාටම රස විඳීමට දීලා අගමැතිවරයා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ කොටස වෙන් කරගන්නට අමතක කරලා නැහැ.

ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 October 2016 12:43