May 04, 2024

ජනප්‍රිය නිලි කවීෂාගේ දේහය මල්ශාලාවට - අවසන් කටයුතු 19වැනිදා

හදිසි අනතුරකින් මියගිය ජනප්‍රිය රංගන ශිල්පිනී කවිෂ අයේෂානිගේ දේහය අවසන් ගෞරවය සඳහා අද(17) උදෑසන 8:30 සිට 6:00 දක්වා ජයරත්න මල් ශාලාවේ තැම්පත්කර තිබේ.

ඉන් අනතුරුව කිරිඳිවැල පිහිටි ඇයගේ නිවසට රැගෙන යන බවත් ලබන 19 වැනි දා අවසන් කටයුතු සිදුකරන බවත් ඇයගේ පවුලේ ඥාතීන් පවසති.

නුගේගොඩ ජුබිලි කණුව ප‍්‍රදේශයේ ඊයේ (16) අලුයම සිදු වූ රිය අනතුරකින් ඇය ජීවිතක්ෂයට පත්විය. ඇය ගමන් කළ මෝටර් රථය නවතා තිබූ බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසී ය.

කෙසේ වෙතත් කවීෂාගේ මරණය සිදුව ඇත්තේ හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් බව හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත.

24 හැවිරිදි වියේ පසු වූ කවීෂා අයේෂාණි කිරිඳිවැල බෝගහවත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 17 October 2016 13:43