May 04, 2024

තවත් සෙල්ෆි අනතුරක්: සිසුවියගේ හිස්කබල පිටතට මතුවෙයි - සංවේදී වීඩියෝව (VIDEO)

කතුරු ඔන්චිල්ලාවක් ඉදිරිපිට සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සහ දැරූ ශිෂ්‍යාවක් අනතුරට ලක් වී බරපතල තුවාල ලැබූ පුවතක් දිල්ලි නගරයෙන් වාර්තා වෙනවා.

ඇගේ කොණ්ඩය කතුරු ඔංචිල්ලාවේ පැටලීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරින් ඇගේ හිස්කබලට මතුපිටින් වූ සම ගැලවී ගොස් ඇති අතර හිස්කබල පිටතට නිරාවරණය වී ඇති බව යි පැවසෙන්නේ.

කතුරු ඔංචිල්ලාවේ පැටලී සිටි ඇය ඉන් ගලවා රෝහල්ගත කිරීමට ද යම් වේලාවක් ගත වී තිබෙනවා.

එම අවස්ථාවේ ලබාගත් සංවේදී වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර එම වීඩියෝව පහතින්.

Rate this item
(2 votes)