May 18, 2024

එයා මුලින්ම අතින් අල්ලපු දවසේ මොකද හිතුණේ? මල්ෂාගෙන් නොකී කතා රැසක්!

September 28, 2016

මල්ෂා කුමාරණතුංග කියන්නේ පහුගිය කාලය පුරාම විවිධ හේතු නිසා විශේෂයෙන් කතාබහට ලක් වූ කෙනෙක්.

දේශපාලනයට මෙන්ම කලාවට ද සම්බන්ධ වූ පවුලකින් බිහිවුණ මල්ෂා පසුගිය දිනක ජාතික පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා.

නිතර කතා නොකරන කාරණා බොහොමයක් එහි දී ඇය විසින් පවසා ඇති අතර එම සාකච්ඡාවේ උපුටා ගැනීම පහතින්.


තවම තරුණයි නේද?

ම්... නෑ මම හිතන්නේ දැන් වයසට ගිහිල්ලා.

කාගේ හරි ආදරයක් තිබුණා නම් හොඳයි කියලා හිතුණු වයස මතකද?

මතකයි. අවුරුදු 18දී වගේ.

ඒ කාලේ කීදෙනෙක් විතර පස්සෙන් ආවද?

කැමැති අය හිටියා. ඒත් අහන්න බයයි තාත්තා නිසා. එයාලා හිතුවේ තාත්තා වෙඩි තියයි කියලා.

එතකොට ආදරේ කරලම නැද්ද?

නෑ. නෑ. ආදරේ කළා.

කෝ දැන් එයා?

එයා මාව කසාද බැන්දනේ.

එතකොට මුලින්ම ඇහුවේ එයාද ඔයාද?

එයා තමයි. කාලයක් කතා කර කර ඉඳලා හෙමින් ඇහුවා.

ආදරයට සමාජ පසුබිම බාධාවක් වුණේ නැද්ද?

අනේ නෑ. මගේ අම්මයි තාත්තයි මට කිව්වේ සල්ලි ඕන නෑ හිත හොඳ යහපත් කෙනෙක් හොයාගන්න කියලා.

ඔය ආදර කතාව ගෙදරට අහුවුණේ එහෙම නැද්ද?

අම්මා හොරෙන් ෆෝන් එක අරන් එස්.එම්.එස්. ටික කියවලා.

කොහොමද ඉතින් ඒ ප්‍රශ්නෙන් ෂේප් වුණේ?

මුලින් අම්මා ටිකක් තරහ වෙලා වගේ ඉඳලා පස්සේ ඇහුවා. අම්මා ඉතින් වස නපුරු නෑනේ.

එයා මුලින්ම අතින් අල්ලපු දවසේ මොකද හිතුණේ?

මොකවත් නෑ. මට මතකත් නෑ. සතුටු හිතෙන්න ඇති නේද?

තරුණ කාලේ ෆැෂන් එහෙම කළාද?

ෆැෂන්වලට ආස වුණාට කළේ නෑ.

ඒ කාලේ අඳින්න කැමැතිම ඇඳුම මොකක්ද?

අවුරුදු 18 වෙනකල්ම මම හිතුවේ මම කොල්ලෙක් කියලා. ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකේ ටී ෂර්ට් එකයි, කොට කලිසමයි විතරයි ඇන්දේ. ඒ දෙක විතරයි මගේ අල්මාරියේ තිබුණේ.

ෆර්ෆියුම් පාවිච්චි කරනවද?

ඔව්. පාවිච්චි කරනවා.

ඒ කාලේ හෙයාර් ස්ටයිල් එක මොන වගේද?

කොණ්ඩෙ පීරුවේ නෑ. කොල්ලෙක් වගේනේ. ඔහේ පෝනිටේල් එකක් දාගෙන ගියා.

ආදරේ කරනකොට එයා ඒ කාලේ කැමැති වුණේ ඔයා කොහොම අඳිනවටද?

එහෙම මම කොහොමත් අමුතු විදියට ඇන්දේ නැති නිසා එයා මොනවත් කිව්වේ නැහැ.

එයාගේ ෆැෂන්වලට ඔයාගේ ලිමිට් තියෙනවද?

නෑ. පිරිසුදුවට පිළිවෙළට ඉන්නවට ආසයි.

එතකොට මේ හැමදෙයින්ම හිතෙන්නේ එදාට වඩා අද තාරුණ්‍ය වෙනස් කියලද?

ඔව්. පැහැදිලිවම. කාලයත් එක්ක වෙනස් වෙනවානේ.

Rate this item
(0 votes)