April 23, 2024

ශිකර් ධවාන්ගෙන් IPL වාර්තාවක්

ඉන්දීයානු සුපිරි පිතිකරු ශිකර් ධවාන් විසින් මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතර තුරු නව වාර්තාවක් පිහිටු වීමට සමත් වී තිබේ.

ඒ පිට පිට තරග 02ක දී ශතක 02ක් ලබා ගනිමිනි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියකදී මෙම දස්කම් කළ පළමු ක්‍රීඩකයා වන්නේ ද ශිකර් ධවාන් වීමද විශේෂත්වයකි.

ඔහු ක්‍රීඩා කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයේ දී ඔහුගේ ප්‍රථම ශතකය පන්දු 57ක් තුළ ලකුණු 101ක් ලබා ගනිමින් පිහිටුවීය. එම ශතකයට හතර පහරවල් 12ක් ද 06 පහර 03ක් ද ඇතුළත් විය.

ඒ අනුව දිල්ලි කැපිටල්ස් සහ කින්ග්ස් ඉලවෙන් පන්ජාබ් කණ්ඩායම් අතර තරගයේ දී පන්දු 61ක් තුළ  හතරේ පහර 12ක් සහ හයේ පහර 03ක් සමඟින් පිහිටු වීමට සමත්විය.

මෙම ශතක දෙකත් සමඟ ශිකර් ධවාන් විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ලකුණු 5000 සීමාවද පසු කිරීමට සමත් වූ අතර එම කඩඉම පසු කළ 5 වැනි ක්‍රීඩකයා වන්නේ ද ශිකර් ධවාන්ය.

Rate this item
(0 votes)