March 28, 2024

කොරෝනා මැඩ පැවැත්වීමට ස්පාඤ්ඤය ඇඳිරි නීතිය පනවයි

ස්පාඤ්ඤය තුළ යළිත් හිස ඔසවමින් තිබෙන කොරෝනා රැල්ල පාලනය කිරීම සඳහා රාත්‍රී කාලයේ දී ඇඳිරී නීතිය පැනවීමට එරට අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චාස් කටයුතු කර තිබේ.

ඒ අනුව එරට වෙලාවෙන් රාත්‍රී 11 සිට පසුදා උදෑසන 06 දක්වා මෙලෙස ඇඳිරී නීතිය පැන වීමට නියමිතය.

එමෙන්ම එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර පළාත් අතර ගමන් කිරීම සඳහා විශේෂ නීතිද සකස් කොට තිබේ. එමෙන්ම මෙම පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් මාස 06ක් දක්වා දිර්ඝ කිරීම සඳහා එරට පාර්ලිමේන්තුව රැස්ව තීරණයක් ගැනීමටද නියමිත බව වාර්තා වෙයි.

කොරෝනා පළමු රැල්ල ආරම්භ වූ අවස්ථාවේ ස්පාඤ්ඤය ඉතාලියට පසුව දැඩිවම පීඩාවට පත් වූ යුරෝපීය රට බවටද පත්විය.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 October 2020 07:11