April 24, 2024

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් අත්හදා බැලීමට ගොස් පුද්ගලයෙකු මරුට

බ්‍රිතාන්‍යයේ ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන AstraZeneca සමඟ එක්ව කරන ලද පරික්ෂණයකින් නිර්මාණය කරන ලද කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අත්හදා බැලීමක් අතරතුර පුද්ගලයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රතිශක්තිකරණ එන්නත අත්හදා බැලීම සිදු කර ඇත්තේ බ්‍රසීලයේ දීය. මෙලෙස මිය ගොස් ඇත්තේ ප්‍රතිශක්තිකරණ අත්හදා බැලීමට ස්වේඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකි.

නමුත් බ්‍රසීලය සඳහන් කර සිටින්නේ ඔවුන් එන්නත අත්හදා බැලීම නොනවත්වාම කරගෙන යන බවයි.

බ්‍රසීලයේ නගර 06ක පුද්ගලයින් 10,000ක් මෙම එන්නත අත්හදා බැලීම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත්ව සිටින බව සඳහන් වේ.

Rate this item
(1 Vote)