April 24, 2024

ඇමෙරිකාවෙන් තායිවානයට ඇ.ඩො බිලියන 1.8ක ආයුධ

 ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8ක වටිනාකමකින් යුතු ආයුධ තායිවානයට ලබා දීම සඳහා ඇමෙරිකාව කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ආයුධ තොගය සඳහා රොකට් ලොන්චර්, ගුවන් යානා නාශක අවි මෙන්ම සංවේදක සහිත නවීන ආයුධයද ඇතුළත් බවද සඳහන් වෙයි.

මෙම ආයුධ ලබා දීම තුළින් ඇමෙරිකාව, තායිවානය සහ චීනය අතර ඇති මත ගැටුම් තවත් උග්‍ර වීමට ඉඩ ඇති බවත් සඳහන් වෙයි.

තායිවානය විසින් තමන් ස්වාධීන රටක් ලෙස සැලැකුවද චීනය විසින් තමන්ගේ ප්‍රාන්තයක් ලෙස සලකමින් සිටියි.

පසුගිය සතියේ එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් කියා සිටියේ තායිවානය ආක්‍රමණය කිරීමට චීනය සුදානම් යැයි තමන් විශ්වාස නොකරන බවත් තායිවානයේ අනාගතය ශක්තිමත් කිරීමට අවශ්‍ය ඇති බවය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 22 October 2020 13:30