March 29, 2024

දිනෙන් දින කොරෝනා අවදානම ඉහළ යයි - ඉතාලිය නැවතත් අනතුරේ?

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ දැඩිම පීඩාවට පත් වූ ඉතාලිය නැවත වරක් එම අවධානමට මුහුණ දෙමින් සිටියි.

ඒ එරටින් දිනෙන් දින වාර්තා වෙන කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙනි.

මෙලෙස කොරෝනා වයිරස් රෝගීන් වැඩිවීම හමුවේ ඉතාලිය විසින් සෞඛ්‍යාරක්ෂිත සහ ආරක්ෂක සීමාවන් දැඩි කිරීම සඳහා නව පියවරක් ප්‍රකාශයට පත් කර තිබේ.

එරට අග්‍රාමාත්‍යවරයා වන ගුසෙප් කොන්ටේ පවසා ඇත්තේ නව ලොක්ඩවුන් ක්‍රමවේදයක් නැවත ඇති කිරීම සඳහා පියවර ගත යුතුව ඇති බවයි. ඔහු මෙම ප්‍රකාශය කරන අවස්ථාවේ ද මුහුණු ආවරණයක් පැළැඳ සිටීම විශේෂත්වයකි.

මෙම නව නීති අනුව රාත්‍රී 09 පසුව නගරාධිපතිවරුන්ට පොදු ස්ථාන වසා දැමීමට බලය ලැබෙනු ඇති අතර අවන්හල් විවෘත කිරීමේ වේලාවන් සහ කණ්ඩායම්වල ප්‍රමාණය දැඩි වනු ඇත.

ඊයේ (18) දිනයේ දී නව කොරෝනා රෝගීන් 11,705ක් වාර්තා විය. ඊට පෙර දින එනම් සෙනසුරාදා දින (17) රෝගීන් 10,925ක් වාර්තා විය.

කොරෝනා වසංගතය ගෝලීයව ව්‍යාප්ත වීමත් සමඟ යුරෝපය තුළ දැඩිම අවදානමකට ලක් වු රට වුයේ ද ඉතාලියයි. මේ වන විට එරට කොරෝනා වෛරසය සඳහා තහවුරු වූ රෝගීන් 414,000ක් වාර්තා වන අතර රෝගය නිසා මිය ගිය සංඛ්‍යාව 36,000කි.

Rate this item
(0 votes)