October 23, 2020

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන ලද්දේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා බව තමා කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

ඒ් "20 හැදුවෙ මේ දෙන්නා - විජේදාස රාජපක්ෂ හෙළිකරයි" මැයෙන් ඒ්ෂියන් මිරර් පුවත් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම තමන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ බවත් තමන් ඒ් කිසිදු අවස්ථාවක දී ගාමිණී මාරපන මහතා විසිවැනි සංශෝධනය හැදූ බව ප්‍රකාශ නොකළ බවත් 20 වෙනි සංශෝධනය හැදුවේ කවුරුන්දැයි අධිකරණ ඇමතිවරයා නොදන්නවා නම් තමා දන්නේ කොහොමද යන්න ප්‍රකාශ කළ බව ද සඳහන් කළේය.

 

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුව පාර්ශ්වයෙන් විරෝධය එල්ල කරන ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ නම "ව" අකුරෙන් පටන් ගැනීම විශේෂත්වයකි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව තුළ සිටිමින්ම ඊට එරෙහිව එරෙහිව ප්‍රබල හඬක් නගන විමල් වීරවංශ, විජයදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ගේ නම් "ව" අකුරෙන් පටන් ගනී.

ඉහත සඳහන් ආණ්ඩු පක්ෂ නියෝජිතයින්ට එරෙහිව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල්කොටගෙන ආණ්ඩුව තුළින්ම ප්‍රතිවිරෝධතාද ගොඩනැගෙමින් තිබේ.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු සඳහා තමන්ව සම්බන්ධ කර නොගන්නේ එම තමන් නුසුදුස්සෙක් බවට රජය සිතන නිසා විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය. 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

යහපාලන රජය තමන් ඊට සුදුසු බව සැලකුවද වර්තමාන රජය තමා නුසුදුස්සෙක් ලෙස සලකා තිබෙන බව හැඟී යන බව ඔහු කියා සිටියේය. 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් දේවල් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැනි සංශෝධනයට ඇතුල් කර තිබුණද 20 වැනි සංශෝධනයේ අනර්ථකාරී දේවල් ද පවතින බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.  

ඒවා මෙම සංශෝධනයෙන් ඉවත්විය යුතු බවට තමන් අවධාරණය කර තිබෙන බවද විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර තිබෙන්නේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් බව විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කොට තිබේ.

අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි ෂබ්රි මහතා මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවද එහිදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එම මන්ත්‍රීවරුන් හමුවේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

20 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන ලද්දේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බව අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු මාධ්‍ය හමුවේ පසුගිය කාලය පුරා ප්‍රකාශ කරන ලදී.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවතම ස්ථාවරය සඳහන් කරමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ. විජයදාස රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

ඇමති මණ්ඩලය පත් කිරීමේදී විශේෂයෙන් රාජ්‍ය අමාත්‍යාංශය පවරා දීමේදී ඇතැම් මන්ත්‍රීවරු තමන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන නොසතුටින් සිටි අතර බලාපොරොත්තු වූ පරිදි අමාත්‍යධූර නොලැබීම සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රසිද්ධියේත් තවත් අය අප්‍රසිද්ධියේත් සිය විරෝධය දක්වා තිබුණි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අමාත්‍යවරුන්ට දුරකථන ඇමතුම් දී එම අමාත්‍ය ධුරවල ඵලදායීතාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර දී තිබේ.

දැනට ලබා දී තිබෙන අමාත්‍යාංශ හරහා ඵලදායී ලෙස කටයුතු කරන ආකාරය ගැන ජනාධිපතිවරයා පැහැදිලි කර ඇති බව සඳහන්.

ලොහාන් රත්වත්තේ,රංජිත් සියඹලාපිටිය, විජේදාස රාජපක්ෂ,දයාසිරි ජයසේකර, යන අමාත්‍යවරු කිහිපදෙනෙකුටම එලෙස ජනාධිපතිවරයා කතා කර ඇති බව කියවෙයි.

විශේෂයෙන් විජයදාස රාජපක්ෂ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ද නැති අතර කැබිනට් අමාත්‍යධූරයක් නොමැති නිසා දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන අතරතුර නැවත හැරී ගොස් තිබුණි.

මේ අතර ලොහාන් රත්වත්තේ මහතාද තමන් බලාපොරොත්තු වූයේ ස්වර්ණාභරණ අමාත්‍යධූරය නොව මහා මාර්ග රාජ්‍ය අමාත්‍යධූරය බව වැඩ භාර ගනිමින් ප්‍රසිද්ධියේම පැවසීය.

එමෙන්ම විෂය පථය බෙදීමේදී ඇතැම් විෂයන් සම්බන්ධයෙන් සමාජය තුළ හාස්‍යයක් ගොඩනැගී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද අමාත්‍යවරු සිය අප්‍රසාදය පළ කර තිබේ.

කෙසේවෙතත් දැනට ලබා දී තිබෙන අමාත්‍ය ධූරවල වෙනසක් සිදුනොවන බවද වාර්තා වෙයි.

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද පැවති ඇමති මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී නොමැති බව වාර්තා වේ.

ඔහුට යෝජනා වී තිබූ ඇමති ධුරයද ඔහු බාර ගෙන නැතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ඒ මහතාට පිරිනැමීමට කටයුතු යොදා තිබී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

රට සහ පක්ෂය පිළිබඳව සිතන නායකයින් අද වන විට එක්සත් ජාතික පක්ෂය තුළ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බය සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා  වැඩිදුරටත් පැවසුවේ, පක්ෂයේ වත්මන් නායකයින් තමන්ගේ බලය හා තනතුරු පිළිබඳව පමණක් සිතන තත්ත්වයට පත්ව ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හදිසියේ මිලේනියම් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට උත්සහ දරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම කඩා දැමීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ජන හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

"සජිත් ප්‍රේමදාස කියනවා 'මම ජනාධිපති වුණොත් පත් කරන්නේ මට ඕන අගමැති' කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා. 'නෑ නෑ මම ම තමයි අගමැති.' කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සහ දැරුවා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න. ඇයි මේ කඩිමුඩියේ මේක අත්සන් කරන්න උත්සහ කරන්නේ. එතුමා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න යනවා. අමෙරිකානු රජයේ වහල් දූපතක්  බවට පත් කරන්න ඒ හදපු සැළසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සහ කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා.  'මම විදේශිකයන්ට ඕන විදිහට නටන රූකඩයක් නොවේ කියලා. වේදිකාවක් ගානේ කියාගෙන යනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිතුනා මේක එළියට දාන්න හොඳම වෙලාව මේක. ඒක දාපුගමන් තව ලක්ෂ 10ක් 15ක් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමින් කැඩිලා ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එකතු වෙනවා කියලා රනිල් වික්‍රමසිංහ දන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජය කිරීමේ දැවැන්තම උවමනාව තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි." 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු විසින් බාර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. 

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු විශේෂ සභාවාරය මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

තව්හීක් ජමාත් සංවිධානයේ පවුල් 4ක 32දෙනෙක් ISISවලට ගොස් පුහුණු වී මෙරට ත්‍රස්ත ප්‍රහාරයක් සූදානම් වන බව  2016 නොවැම්බර් මස 18 වැනිදා විජේදාස රාජපක්ෂ මහතා පැවසූ බව මෙහිදී සඳහන් කළේය.

එලෙස ප්‍රකාශ කිරීමත් සමඟ රජයේ ඇමතිවරුන් මාධ්‍ය සාකච්ඡා තබමින් තමා කළ ප්‍රකාශ අසත්‍ය යැයි පැවසූ බව මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විජේදාස රාජපක්ෂ මහතාට ශාප කළ බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.