October 20, 2020

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පක්ෂයේ එකඟතාව මත ඉතා ඉක්මනින් සුදුස්සකු පත් කරන බව පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයිි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුව සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කරුණු විමසූ අවස්ථාවේ දී වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබේ.

සුදුසුකම් ඇති කිහිප දෙනකු මන්ත්‍රී ධුරය බලාපොරොත්තු වන බව සඳහන් කර ඇති වික්‍රමසිංහ මහතා ඡන්දයෙන් නොතේරුණු කෙනකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකරන බවට පක්‍ෂය තීන්දුවක් ගෙන ඇති බැවින් පාර්ලිමේන්තු යැවිය යුත්තේ කවුරුන්දැයි ඉක්මණින් තීන්දු කරන බවත් පවසා ඇත.

පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් වී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පත්ව යාමට අකිල විරාජ් කාරියවසම් මහතා සිය බලවත් කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම ඔහු විසින්ම මැතිවරණ කොමිසමට යැවීමට උත්සාහ කළ බවට පසුගිය දා සමාජ මාධ්‍යවල පළවී තිබිණි.

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දීමට ඊයේ (15) හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේය.

ඒ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට සාක්ෂි ලබා දීමට පැමිණි සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවිය.

එහිදී ටික වේලාවක් දෙදෙනා අතර යම් කතාබහක නිරත වී තිබේ.

පසුගිය රජය සමයේ ස්ථාපනය කළ නව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ වියදම් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් මිලියන 33.7කට අධික මුදලක් වියදම් කර ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන තිබේ.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ සිදු කළ පැමිණිල්ලකට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(15) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබේ.

එහිදි කොමිසම සදහන් කළේ එම කාර්යාලයේ නිලධාරීන්  44 දෙනෙකුට වැටුප් සහ දීමනා ලබාදීම සඳහා එම මුදල වැය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි. එය එසේ විය හැකි බව ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 

දූෂණ මර්දන කමිටු කාර්යාලයේ නීති උපදේශක ලෙස කටයුතු කළ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේට අදාළ කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් දෙලක්ෂ හැට දහසකට අධික මුදලක් ගෙවා ඇති බව ද කොමිසම එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් අතර එයද හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිගෙන තිබේ.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නෛතික භාවය පිළිබඳ ජනාධිපති කොමිසම එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කර ඇති අතර ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ කමිටුව පිහිටුවීම නීති විරෝධී නොවන නමුත් කමිටුව ක්‍රියාත්මක වීමේදී නිත්‍යනුකූලව කටයුතු කළ යුතු බවයි.

දුෂණ විරෝධි කමිටුවට නීති උපදෙස් ලබා දීම සදහා පුද්ගලයින් තෝරා ගැනීමේදී එය තමන් සිදු නොකළ බවත් එය නීතිපතිවරයාගේ කර්තව්‍යයක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති කොමිසම එහිදී ප්‍රශ්න කළේ අදාළ පත්කිරීම් සිදු කළේ නීතිපතිවරයා ද යන්නයි.

තමන් ඒ පිළිබඳව නොදන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර ඇත.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වගකීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාගල රත්නායක මහතාට භාරදී තිබේ.

සාගල රත්නායක මහතාට ඒ සඳහා ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේද සහාය ලබා ගන්නා ලෙස වික්‍රමසිංහ මහතා රත්නායක මහතාට දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලැබූ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ද සාගල රත්නායක මහතාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කොට තිබුණි.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීම සඳහා පාස්කු ප‍්‍රහාරය පිලිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම වෙත ඊයේ පැමිණි අතර පැය එක හමාරක කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව, අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා, කොමිසමට දැනුම්දීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ.  

කොමිසමෙන් පිටව යන අවස්ථාවේදී හිටපු අග‍්‍රාමත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලටද, පිළිතුරු නොදීම ඔහු එම ස්ථානයෙන් පිටව ගිය ගොස් තිබේ.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබන 13 වනදා පාස්කු ප‍්‍රහාරය පිලිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාස්කු කොමිසමට පැමිණ තිබේ.

ඊයේ දිනයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 07කට ආසන්න කාලයක් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නේය.

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියේය.

“පාස්කු ප්‍රහාරය ගැන කථා කරනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ. කැබිනට් එකේ හිටියා කියලා, අනිත් අයට බෑනේ ඒවට ඇඟිලි ගහන්න. ඒ දෙන්නට තමයි ඒක මෙහෙයවන්න වගකීම තිබ්බේ. අසාර්ථකභාවයක් තිබ්බානම් ඒකේ සම්පූර්ණ වගකීම ඒ දෙන්නා ගන්න ඕනේ. රටේ ආරක්ෂාව කියන එක රටේ ඉන්න හැමෝටම ඇඟිලි ගහන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ.“ යනුවෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කැරලි 12ක් පැමිණි බවත් ඒ සෑම කැරැල්ලකින්ම වික්‍රමසිංහ මහතාව බේරා ගත්තේ තමන් බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රථම වතාවට හෙළිදරව් කර තිබේ.

ඒ සෑම කැරැල්ලක් මැඩ පැවැත්වූයේ තමන් බවත් ඒ සෑම කැරැල්ල පිළිබඳවම තොරතුරු තමා ළඟ අදටත් තිබෙන බවද අබේවර්ධන මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම්, උප නායකකම් ඇති කළේ හුදෙක් එම කැරලි මර්දනය කිරීමේ පටු අරමුණින් බවද අබේවර්ධන මහතා පෙන්වා දෙයි.

පක්ෂයට අනවශ්‍ය මෙම නියෝජ්‍ය නායක හා උප නායකකම් අහෝසි කරන ලෙස වරක් තමන් ඇතුළු පිරිසක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනාවක් සම්මත කර ඊට විසඳුම් ලබා දුන්න ද පසු කාලීනව යළිත් එම තනතුරු ඇති කිරීම පක්ෂයේ හානියට හේතු වූ බවද අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත්වූ රැස්වීමෙන් පසුව ඔහු හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිදු හමු වීමක් සිදුව නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී නියෝජ්‍ය නායක තරඟයට රවි කරුණානායක මහතා රුවන් විජේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් වූ අතර ඡන්ද 28ට 10ක් ලෙස ලබා ගනිමින් විජේවර්ධන මහතා ජයග්‍රහණය කරන ලදී.

එම ඡන්දය පෙර රවි කරුණානායක මහතා නියෝජ්‍ය නායක ධුරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අමතා කළ ප්‍රකාශය මෙසේ ය.

''දැන් වසර විසි ගණන් ඔබතුමා සමග මම වැඩ කටයුතු කරලා තියෙනවා. මේ පක්ෂයේ උප නායකයා හැටියට දීර්ඝ කාලයක් වැඩ කරලා තියෙනවා. දැන් එතනදී අමුතුවෙන් නියෝජ්‍ය නායකයෙක් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒ ධූරයේ හිටපු නිසා ඒ ධූරයට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබතුමා ඒකමතිකව මාව පත් කරාවි කියන එකයි මගේ විශ්වාසය."

''මොකද නායකත්වය ගැන ප්‍රශ්නය ආවහම මම කිව්වා මම නායකත්වය සහා ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. මොකද ආගම්, ජාති, කුල ප්‍රශ්න මතුවුණ නිසා. කෙසේ හෝ මේක මට අයිතියි, ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. ඒ අනුව ක්‍රියා කළොත් හොඳයි."

එහෙත් එම ප්‍රකාශය පිළිබඳ කිසිදු තැකීමක් නොකළ වික්‍රමසිංහ මහතා පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට ජන්දයන් කැඳවීම පිළිබඳව සිය අප්‍රසාදය කරුණානායක මහතා කිහිප ස්ථානයකදීම පළ කර තිබෙන බවද දැනගන්නට තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව තමා තුළ තිබූ ගරුත්වය සම්පූර්ණයෙන්ම නැති වූ බවද එහිදී කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබෙන බවද වාර්තා වේ.

මේ වර්ෂයේ අග හෝ ලබන වර්ෂය මුල දැනට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකධුරය දරන රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නායකත්වයට පත් කිරීමෙන් පසු පක්ෂය ගොඩ නැගීමට ඔහුට සහාය දීම සඳහා පත් කළ යුතු කණ්ඩායම් පිළිබඳව ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තුළ පැහැදිලි සැලැස්මක් තිබෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව රුවන් විජේවර්ධන මහතා පක්ෂ නායකයා ලෙස පත් වීමෙන් පසු පුරප්පාඩු වන නියෝජ්‍ය නායක ධුරයට අකිල විරාජ් කාරියවසම් මහතාවද කාරියවසම් මහතා එම තනතුරට පත් කිරීමෙන් පුරප්පාඩු වන මහලේකම් ධූරය සඳහා සාගල රත්නායක මහතාවද පත්කිරීම වික්‍රමසිංහ මහතාගේ සැලැස්ම වෙයි.

සාගල රත්නායක මහතා බොහෝ කලක සිට පක්ෂ මහලේකම් ධූරය බලාපොරොත්තුවෙන් සිටින බව ප්‍රකට කරුණකි.

මෙම පත්කිරීම් සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැනට සිටින සාමාජිකයින් හතළිස් දෙනාගෙන් බහුතරයකගේ කැමැත්ත අවශ්‍ය වන අතර එම කැමැත්ත ලබා ගැනීමේ ගැටලුවක් වික්‍රමසිංහ මහතාට නොමැති බවද සිරිකොත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයක් පත් කරනු ලබන්නේ පක්ෂ නායකයා විසිනි.

Page 1 of 25