March 29, 2024

විස්සේ ඡන්ද විමසීම අද - විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට සහය දෙයි? Featured

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) රාත්‍රී සිදුකිරීමට නියමිතව තිබේ.

ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වු විවාදය ඊයේ (21) පෙරවරුවේ ආරම්භ වූ අතර එය අද දිනයේත් පැවැත්වීමට නියමිතය.

අද පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර කාරක සභා අවස්ථාවෙන් පසු ඊට අදාළ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා විපක්ෂය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමේ දී විපක්ෂයේ පිරිසක් ද ආණ්ඩුවට සහය දැක්වීමට මේ වන විටත් කැමැත්ත පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

Last modified on Thursday, 22 October 2020 09:38

Related items