October 20, 2020

බන්ධනාගාරගත කොට සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට PCR පරීක්ෂණයක් නොකොට පාර්ලිමේන්තුවට සහභාගි වීමට අවසර ලබා දිය නොහැකි බව බන්ධනාගාර වෛද්‍යවරයා දැනුම් දී තිබෙන බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කරන ලදී.

පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීවරයෙකු හැර අන් කිසිවෙක් PCR පරීක්ෂණයකට මුහුණ දී නොමැති බවද රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.

මේ වන විට අත්අඩංගුවට පත් රිෂාඩ් බදියුදීන් මහතා මීගමුව - පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කොට තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්, මීගමුව - පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සඳහන් කළේය.
එමෙන්ම, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම අද සලකා බැලීමට නියමිතය.
දින 6ක් පුරා පොලීසිය මඟ හරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඊයේ අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල  පිහිටි මහල් නිවාසයක සැඟව සිටියදිය.

අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
 
අද අළුයම දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණි.

2019 ජනාධිපතිවරණ සමයේ අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙනයාමට ලංගම බස්රථ යොදාගැනීම මගින් මහජන මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම යන චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත පසුගියදා උපදෙස් දුන්නේය.

එහෙත් අධිකරණය දැනුම් දී තිබුණේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බවය.

කෙසේවෙතත් එදින සිට අද අළුයම දක්වා කාලය තුළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සැඟවී සිටි අතර ඔහු සොයාගැනීමට පොලිස් කණ්ඩායම් 6ක් යොදා තිබූණි.

අදාළ කාලය තුළ රිෂාඩ් බදියුදින් නමැති සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයින් 6 දෙනෙකු ද අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

ඔවුන්ද අද අධිකරණයට ඉදිරිපත් කළ අතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම පුද්ගලයින්ද 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

අද (19) උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ගෙන ආ බව වාර්තා වේ.

රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතාව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරනු ලැබුවේ ඉහළින් ආ බලපෑමක් නිසා නොව පහලින් ආ බලපෑමක් නිසා බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කල්ලියට උදව් උපකාර කිරීම යන චෝදනාව යටතේ රියාජ් බදියුදීන් මහතාව මාස 5 හමාරක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරන ලදී.

එහෙත් ඔහුව හිටියෙම එම දෙපාර්තමේන්තුව විසින් නිදහස් කිරීම පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100කට වඩා අත්සන් කරන ලද ලිපියක් ජනාධිපතිවරයාට භාර දී තිබෙන බව සඳහන් කරන ගම්මන්පිල මහතා ඉන් ඔහුව නිදහස් කිරීමට බලපෑම් කලේ කවුරුන් දැයි සොයා ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා වෙත යැවීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කර මෙම ලිපිය මන්ත්‍රීවරුන් ස්වාධීනව ගත් තීරණයකට අනුව කළ එකක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් මහතාගේ සහය කිසිම අවස්ථාවක ආණ්ඩුවට ලබා නොගන්නා බවට උදය ගම්මන්පිල අමාත්‍යවරයා සහතික වේ.

යම්කිසි පනතක් සදහා රිෂාඩ් බදියුදීන් මහතාගේ සහය ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් එසේ ඔහුගේ සහය ලබා ගැනීම වෙනුවට එම පනත ඉල්ලා අස්කර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අන් මන්ත්‍රීවරුන් තිදෙනාගේ සහය ආණ්ඩුවට ලබා ගන්නවා දැයි යන කාරණය සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා ඍජු පිළිතුරක් දීමෙන් වැලකී සිටියි.

ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කරන්නේ රිෂාඩ් බදියුදීන් මහතාව පමණක් ආණ්ඩුවට සම්බන්ධ නොකර ගන්නා බවය.

රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා හා අසාත් සාලි යන මහත්වරුන් කිසිවිටෙකත් ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බවට මැතිවරණ සමයේ පොදුජන පෙරමුණ තම ජනතාවට පොරොන්දු වූ බව ද පෙන්වා දෙයි.

විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය නරි නාටකයක් බව තමාට ද පෙනී යන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව තම පාර්ශ්වය චෝදනා කළේ මීට වසර එකහමාරකට පමණ පෙර සිට බව පෙන්වා දෙන අමාත්‍යවරයා පොලීසිය බදියුදීන් මහතා පිළිබඳව අවධානයෙන් සිටියේ නම් ඔහු අත්අඩංගුවට ගැනීමට මෙතරම් මහන්සි වීමට සිදු නොවන බව ද සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි පොලිසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනුවක් යැවූ අවස්ථාවේ සිටම බදියුදීන් මහතා පිළිබඳව අවධානයෙන් සිටියේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙතරම් පොලිස් කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය නොවන බවද ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම් පිළිබඳව පොලීසිය පෙර සූදානමකින් නොසිටි බවටද අමාත්‍යවරයා චෝදනා කරයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටිය දී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

බදියුදීන්ට රැකවරණය සැපයූ එම නිවසේ පදිංචි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවට හිටපු අමාත්‍යවරයාගේ හිතවතෙක් වන මෙම වෛද්‍යවරයාත් ඔහුගේ බිරියත් අත්අඩංගුවට ගෙන ඇත.

දෙහිවලට පැමිණීමට පෙර ඔහු රැඳී සිටි ස්ථාන සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද (19) අලුයම 3.00 - 3.30 අතර කාලයේ දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ අවනැන් වූවන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනිම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම 06ක් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනිම සඳහා යෙදවූ බව පොලීසිය සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නිසා දැන් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇතැයි සිංහල සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

එනිසා ඇත්තටම දැන් සැඟවිමට සිදුව ඇත්තේ රිෂාඩ් බදුදීන්ට නොව තමන් වහන්සේලාට බව ද උන්වහන්සේ පැවසූහ.

එනිසා සැගවී සිටින තැනකින් එලියට එන ලෙස රිෂාඩි බදියුදීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන් පසු තමන් වහන්සේගේ සැඟවීමට කටයුතු කරන බවත් එහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Page 1 of 8