October 20, 2020

නැගෙනහිර මුස්ලිම් අන්තවාදයට එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ පමණක් නොව ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ද සහයෝගය ලැබුණු බව නැගෙනහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩ්වින් ගුණතිලක මහතා අනාවරණය කොට තිබේ.

ඒ තිදෙනාම 2015 වන තෙක් බලයේ සිටි මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍ය ධූර දැරූ බවද ගුණතිලක මහතා පෙන්වා දී තිබෙයි.

එඩ්වින් ගුණතිලක මහතා මෙම කරුණු අනාවරණය කොට තිබෙන්නේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමිනි.

ඒ.එල්.එම් අතාවුල්ලා මහතා මෙවර මහා මැතිවරණයේ දී ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයට තරගකොට පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින අතර ඔහු පාලක පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සන්ධාන ගත පාර්ශවයකි.

ආතවුල්ලා මහතා බොහෝ කලක සිට මහින්ද රාජපක්ෂ පාර්ශවයට සහයෝගය දැක්වූ අයෙකි.



මුස්ලිම් ජනතාවට යහපත් අරමුණක් පෙන්වාදීම ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් වීමට හේතුව බව ජනාධිපතිධූර අපේක්ෂක එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, තම අරමුණ වන්නේ මුස්ලිම් ජනතාවට හොඳ මඟ පෙන්වීමක් ලබා දීම බවයි.

වසර 10ක කාලයක් තුළ මුස්ලිම් ජනතාව විසින් ගනු ලැබු තීරණය මත මුස්ලිම් හා සිංහල ජනතාව අතර විශාල ගැටුමක් ඇතිව තිබෙන බවද පැවසු හිස්බුල්ලා මහතා, එය ඉදිරියටත් එසේ පැවතුනහොත් තව දුරටත් විශාල ප්‍රශ්නයක් විය හැකි බවත් කියා සිටියේය.

ඒ නිසා තම බලාපොරොත්තුව වන්නේ මහ ජාතිය සමඟ එකට ජීවත් විය හැකි,රට ආරක්ෂා කළ හැකි මෙන්ම ත්‍රස්තවාදී,අන්තවාදී හා ආගම්වාදී නැති හොඳ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැඟිය හැකි නායකයෙක් තෝරා ගැනීම බවද පැවසු ඒ මහතා, ඒ සඳහා ජනතාවට හොඳ මඟ පෙන්වීමක් සිදු කිරීමට තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වු බවත් පැවසීය.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ රාජපක්ෂවරුන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
 
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබීමට නියමිත ප‍්‍රගතිශීලි මුස්ලිම් ඡන්ද වැළැක්වීම මෙහි අරමුණ බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්  මහතා මෙසේද කීවේය.
 
 ‘‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන මුස්ලිම් ඡන්ද වැළැක්වීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් එක්ව එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය කාල සීමාව තුළ මුස්ලිම් ජාතිකයන්  අන්තවාදය දෙසට ගෙන ගිය හිස්බුල්ලා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට ඉදිරිපත්වී සිටිම ගැන උපවාස කළ අතුරලියේ රතන හිමියන් හා විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත‍්‍රීවරුන්ගේ ස්ථාවරය රටට හෙළි කළ යුතුයි. හිස්බුල්ලා, කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඇතුළු අන්තවාදී හා ජාතිවාදී කොටස් පමණක් ගොඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව සිටිනවා.  ඔවුන් බලයට පැමිණියහොත් රටතුළ අන්තවාදි හා ජාතිවාදී ගැටුම් යළි ඇතිවිය හැකියි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ඇතැම් අපේක්ෂකයින් තවත් අපේක්ෂකයින්ගේ සහයට ඉදිරිපත්වී සිටින බව පැහැදිලියි. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ඉදිරිපත්වී සිටින්නෙ ජනාධිපතිවරණය දිනන්න බලාගෙන නෙමෙයි. මෙවැනි මැතිවරණයකට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කළ නොහැකි බව 1989 සිට පාර්ලිමේන්තුවේ සිටි ඔහු දන්නවා. පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන්නා."

"ජනාධිපතිවරයා විසින් ඔහු නැගෙනහිර ආණ්ඩුකාරධූරයට පත් කළ පසුයි වත්මන් ආණ්ඩුවට අවාසිදායක ලෙස ඔහු හැසිරුණේ. ඒ විදියට ප‍්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂට හෝ ගොඨාභය රාජපක්ෂට විරුද්ධව ඔහු කිසිදු අවස්ථාවක අදහස් පළකළේ නැහැ. දැන් කියනවා මුස්ලිම් ජනතාව වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත්වූ බව. ඔහු ඉදිරිපත් වුණේ ඇයිද කියා අපි සොයා බැලිය යුතුයි. එස්.බී.දිසානායක කියා තිබෙනවා හිස්බුල්ලා ඉන්නේ ගෝඨාභය දිනවන්න කියලා. ඒ කියන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන මුස්ලිම් ඡන්ද අඩුකරන්න හිස්බුල්ලා ඉදිරිපත්වී සිටින බව පැහැදිලියි. විශ්වවිද්‍යාලයක් හදන්න කියා පිටරටින් මුදල් ගෙන්වාගත් බවට ඔහුට විරුද්ධව චෝදනාවක් තිබෙනවා. ඒවායෙන් ගැලවෙන්න බැසිල් රාජපක්ෂ එක්ක එකඟතාවයකට ආවාද කියන සැකය ඇතිවෙනවා. ඒ ගිවිසුම මොකද්ද කියලා රටට හෙළිකළ යුතුයි. මුස්ලිම් ඡන්ද 15,000ක් තියාගෙන ඔහු නටන නාඩගම මොකද්ද කියලා කිව යුතුයි. ජාතිවාදී ප‍්‍රශ්නයක් රට තුළ නිර්මාණය කරන්න බැසිල්, කරුණා, පිල්ලෙයාන්, හිස්බුල්ලා ගහපු ගිවිසුම හෙළි කළ යුතුයි. මොවුන්ට තියෙන එකම අරමුණ ජාතීන් අතර වෛරය ඇතිකරලා ඡන්ද ලබාගැනීම පමණයි. පසුගිය කාලය පුරාවට මොවුන් සිදුකළේ එය පමණයි. පසුගිය කාලයේදී රතන හිමියන් හිස්බුල්ලාට විරුද්ධව උපවාස කළේ එකඟතාවයකින්ද කියන සැකය ඇතිවෙනවා. මොවුන් සියලුදෙනා දැන් ඉන්නේ එකම වේදිකාවේ”යනුවෙන් පවසා සිටියේය.

අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දක්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේකර මහතා පවසයි.

අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින බව පවසන අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ මෙවර උන්වහන්සේගේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අනෙක් අතින් නැගෙනහිර පළාත්  හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා  ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලැබීම වැළැක්වීමට බවත් ඔහු සඳහන් කළේය.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙන්ම සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අද (06) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇත.

පිළිගත් දේශපාලනපක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

අන්තවාදයට, බෙදුම්වාදයට සහ ත්‍රස්‌තවාදයට සම්බන්ධකම් ඇති බව පවසමින් දේශපාලකයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කළත් ඒවා සැකයෙන් තොරව ඔප්පුකර නොමැති නිසා ඔවුන් තවදුරටත් නිවැරදිකරුවන් බවත් ඔවුන් සමඟ දේශපාලන ගමනක්‌ යැමට එක්‌සත් ජාතික පෙරමුණට අභියෝගයක්‌ නොවන බවත් හිටපු ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පුවත්පතකට ප්‍රකාශ කර ඇත.
 
රිෂාඩ් බදියුදීන්, ඒ. එම්. එල්. හිස්‌බුල්ලා, මුජිබුර් රහුමාන්, හලීම්, අසාද් සාලි වැනි දේශපාලනඥයන්ට නොයෙක්‌ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවත් ජනාධිපති කොමිෂන් සභා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා, බුද්ධි අංශ වාර්තා සහ පොලිස්‌ වාර්තා මගින්ද ඔවුනට එරෙහිව කිසිදු චෝදනාවක්‌ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
චෝදනා සම්බන්ධයෙන් කතා කරන්නේ නම් ජනාධිපති අපේක්‌ෂක ගෝඨාභය රාජපක්‌ෂ මෙන්ම, හිටපු ජනාධිපති විපක්‌ෂ නායක මහින්ද රාජපක්‍ෂ ද අමතක කළ නොහැකි බව ද කී රංගේ බණ්‌ඩාර මහතා චෝදනා තිබූ පමණින්ම කිසිදු පුද්ගලයකු වැරදිකරුවකු වන්නේ නැති බව ද කියා සිටියේය.
 
ඉදිරි ජනාධිපතිවරණයේදී සියලු ජාතීන් නියෝජනය කරන දේශපාලන නායකයන් සමග පිරිසිදු ගමනක්‌ යමින් තම පෙරමුණේ අපේක්‌ෂකයා ජයග්‍රහණය කරවීමට ක්‍රියාකිරීමට ක්‍රියා කරන බව ද හිටපු ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කීවේය.

මඩකලපුව විශ්ව විද්‍යාලය හා ඊට අනුබද්ධ හීරා පදනමේ ප්‍රධානීන් වන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා යන අය පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවට ඊයේ (17) දිනයේදී කැඳවා තිබුණ ද ඔවුහු ඒ හමුවේ පෙනී නොසිටියහ.

විදේශ දූත මණ්ඩල රැස්වීමක් සඳහා විදේශ ගත වන බව දන්වා ඔවුන් කමිටුව හමුවට පැමිණ නොතිබිණි.

එම නිසා සහභාගි වූ බව කියන දූත මණ්ඩල රැස්වීම පිළිබඳ ලිඛිත තොරතුරු ද රැගෙන කමිටුව හමුවේ ඔක්තෝබර් 9 වැනිදා පෙනී සිටින ලෙස එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඔවුන්ට නියෝග කළේය.

තමන්ට එල්ල වන සියලුම චෝදනාවලින් සම්පූර්ණයෙන් නිදහස් වී ඇති බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පවසයි.

අද (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

තමන්ට එල්ලවූ චෝදනා සියල්ල බොරු චෝදනා බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ අපරාධ කොට්ඨාශය මඟින් සිදුකළ විමර්ශන හරහා ඔප්පු වී ඇති බව හිටපු ආණ්ඩුකාර පෙන්වා දුන්නේය.

මේ අතර මඩකලපුව කැම්පස් පුද්ගලික සමාගම ලබන ජනවාරි මාසය තුළදී ආරම්භ කිරීමට නියමිත බවත් එය සම්බන්ධ තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා වැඩිදුරටත් පැවසීය.  

ජනාධිපතිවරයා ආරාධනා කළහොත් නැවත ආණ්ඩුකාරධූරය බාරගන්නා බව නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා පැවැසීය.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයකු වන හෙයින් පක්ෂ නායක ජනාධිපතිවරයා ලබාදෙන ඕනෑම තනතුරක් බාර ගන්නා බවද හෙතෙම කීය.

තනතුරක් ලබානොදුන්නද පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තවදුරටත් කැපවෙන බවද හිස්බුල්ලා මහතා සඳහන් කළේය.

කොළඹදී ඊයේ (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිස්බුල්ලා මහතා එම අදහස් පළ කළේය.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේදීවත් රජයට පවරා ගත නොහැකි බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි. 

කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම සඳහා නිතීයක් නොමැති බවයි.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සමබන්ධයෙන් රජයට සහ ජනතාවට ඇති බය නැති කිරීම සඳහා ඔවුන් රජය සමඟ එක්ව කටයුතු කිරීමට කැමති බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සඳහන් කළේය.

රජය සමඟ එක්ව කටයුතු කිරීම සඳහා කැබිනට් අනුකමිටුව වෙත පැහැදිළි වාර්තාවක් බාර දී ඇති බවත් කැබිනට් අනුකමිටුව විසින් ඒ සමබන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කර නොමැති බවත් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා වැඩිදුරටත් පැවසීය.

Page 1 of 3