April 26, 2024

බස්නාහිර පළාතට ඇතුළුවීම සහ පිටවිමට අවසර හිමි වන අය Featured

බස්නාහිර පළාතට ඇතුළුවීම සහ පිටවිම සඳහා සීමා පනවා තිබුණ ද විභාග අපේක්ෂකයින්ට සහ කාර්යය මණ්ඩලයට එම සීමාවන් අදාළ නොවන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ තවත් විෂයන් කිහිපයක් අද (31) පැවැත්වීමට නියමිතය.

ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විශේෂ බස් රථ සහ දුම්රිය ද යොදවා ඇති අතර ඕනෑ ප්‍රවාහන සේවයක් පහසු පරිදි යොදාගත හැකි වේ.

මේ අතර අද පැවැත්වෙන ගිණුම්කරණය විෂය සඳහා සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබා දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පුජිත මහතා සඳහන් කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 06 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

Rate this item
(1 Vote)