April 19, 2024

මෙරට 20 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ඇය වමනය සහ දියවැඩියාව රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ කාන්තාව ඊයේ (30) මියගොස් තිබේ.

ඇයගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව අද පෙරවරුවේ ලැබුණු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. 

ඒ අනුව ඇයට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 October 2020 09:47