April 24, 2024

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ මීට සුළු වේලාවකට පෙර තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 314ක් වාර්තාවීමත් සමගය.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

ඉන් 5,804දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, 4,282දෙනෙකු පූර්ළු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මෙරටින් මේ වන විට වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 19කි.

Rate this item
(0 votes)