April 24, 2024

පන්නල ඇඟලුම්හලක සේවිකාවක් හිටිහැටියේ මිය යයි

පන්නල ඇඟලුම් කම්හලක සේවය කරන තරුණියක් නිවසේ සිටියදී අද(30) හදිසියේ රෝගාතුර වී දඹදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගිරිඋල්ල පොලිස් වසමට අයත් බළගොල්ල නාරන්ගොඩ පදිංචිව සිටි ඩබ්.ඒ. එන්.ඒ. මධුවන්ති (25) නමැති අවිවාහක තරුණියකි.

මෙම තරුණිය නිවසේ සිටියදී බඩේ සහ පපුවේ කැක්කුමෙක් ඇති බව පවසා පසුව කලාන්ත ගතියක් ඇති වු නිසා පවුලේ අය විසින් ඇය දඹදෙණිය රෝහලට ඇතුලත් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය මෙම තරුණියගේ සිරුර පී.සී.ආර්. පරීක්‍ෂණයකට ලක් කිරීම සඳහා කුලියාපිටිය මුලික රෝහලට ගෙනා බව පොලිසිය කියයි.

මෙම තරුණිය ඉකුත් 18 වැනිදාද පී.සී.ආර්. පරීක්‍ෂණයකට ලක් කර ඇති අතර එම පරීක්‍ෂණ වාර්තාව අනුව ඇයට කොරෝනා වයිරසය වැළදී නොමැති බව තහවුරු වී ඇතැයිද එම පොලිස් නිලධාරියා පැවසීය.

පී.සී.ආර්. පරීක්‍ෂණයකට අමතරව මෙම තරුණියගේ සිරුර පක්‍ෂාත් මරණ පරීක්‍ෂයකට ලක් කිරීමටද නියමිතය.
Rate this item
(0 votes)