April 26, 2024

පොම්පියෝ එන්න ඇහුවා - අපි එන්න කිව්වා ඒකයි ආවේ - විමල් : නෑ නෑ. ඒක බොරු. ආරාධනාවකටයි ආවේ - අමරවීර

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිණීම පිළිබඳව ආණ්ඩුව පාර්ශ්වයෙන් ම ප්‍රතිවිරුද්ධ අදහස් මතු වෙමින් තිබේ .

මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ පොම්පියෝ මහතා ඉන්දියාවට පැමිණෙන නිසා ලංකාවටත් එන්නට දැයි ඇසූ නිසා පැමිණෙන ලෙස දැනුම් දීමකට අනුව ඔහු මෙරටට පැමිණි බවය .

එහෙත් ආණ්ඩුව ම නියෝජනය කරන මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනාවකට අනුව පොම්පියෝ මහතා මෙරටට පැමිණි බවය.

පොම්පියෝ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය වලද පළවූයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව ඔහු මෙහි පැමිණෙන බවය.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 October 2020 12:55