March 29, 2024

ඩයනා රටම පටලවයි - චමින්ද හා හේෂා ඇත්ත කතාව කියයි Featured

20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දය දුන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය විසින් මේ දිනවල කරන ප්‍රකාශ නිසා සමගි ජන බලවේගය තුළ ප්‍රශ්න රැසක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන චමින්ද විජේසිරි හා හේශා විතානගේ යන මහත්වරුන් ආණ්ඩුවට එක් වීමට උත්සාහ කළ බවට ගමගේ මහත්මිය කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් වූ සත්‍ය කතාව මේ වන විට හෙළිදරව් වී තිබේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආණ්ඩුවත් සමග ඡන්දය පාවිච්චි කිරීමට ගන්නා උත්සාහය නතර කිරීමට පියවර ගන්නා ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චමින්ද විජේසිරි හා හේශා විතානගේ යන මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ අනුව ඔවුන් දෙපළ ඩයනා ගමගේ මහත්මියට දුරකථනයෙන් කතා කොට ඒ සම්බන්ධයෙන් කතා කිරීමට උත්සාහ කළ ද ඒ වන විට ඇයගේ දුරකථනය අක්‍රිය වී තිබේ .

ඒ අනුව මෙම මන්ත්‍රී දෙපළ ගමගේ මහත්මියගේ නිවස බලා ගොස් ඇති අතර අතරමගදී ගමගේ මහත්මියගේ දුරකථනය යළිත් සක්‍රීය වී ඇති අතර එහිදී තමන් ඇය හමුවීමට පැමිණෙන කාරණය මෙම මන්ත්‍රීවරුන් දෙපළ විසින් ඇයට දැනුම් දී තිබේ .

ඊට පිළිතුරු ලෙස ඇය සඳහන් කොට තිබෙන්නේ "මල්ලි මම ආණ්ඩුවට යන්න තීරණය කරා. ඒ නිසා නිකං බොරුවට මහන්සි වෙන්න එපා. මාව හම්බ උනත් කිසි ප්‍රයෝජනයක් වන්නේ නෑ. ඒ නිසා යළිත් හැරී යන්න." ලෙසය .

ඉන්පසු මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ගමගේ මහත්මිය හමුවීමට යන ගමන අතරමග නතර කොට ආපසු හැරී පැමිණ තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගයේ හිමිකාරත්වය තිබෙන්නේ ඩයනා ගමගේ මහත්මියගේ සැමියාට වන අතර එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරිය ලෙසද ගමගේ මහත්මිය කටයුතු කරයි .

Rate this item
(0 votes)
Last modified on Friday, 30 October 2020 12:47

Related items