April 20, 2024

6 දෙනා පක්ෂවලින් පන්නන්නේ නැත්තෙ ඇයි? රවුෆ් හා රිෂාඩ්ගෙන් යළිත් ප්‍රශ්න කෙරේ

20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දීමට තම පක්ෂය ගත් තීරණයට පටහැනිව යමින් ඊට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 6 දෙනා තවමත් එම පක්ෂ වලින් ඉවත් නොකළේ මන්දැයි සමගි ජන බලවේගය ප්‍රධානීන් එම පක්ෂ දෙකේ නායකයින් වන රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගෙන් ප්‍රශ්න කර තිබේ .

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදියුදීන් මහතා ඉකුත් 28 වැනිදා පක්ෂ නායක රැස්වීමට සඳහා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සමගි ජන බලවේගය ප්‍රධානීන් ඔහුගෙන් ද ඒ බව ප්‍රශ්න කර තිබේ.

20 වෙනි ආණ්ඩුක්‍රම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් ඉහත සඳහන් පක්ෂ දෙක නියෝජනය කරන ෆයිසල් කාසිම්, නසීර් අහමඩ්, අලි ෂබ්රි රහීම්. මොහොමඩ් හාරිස්, ඉෂාක් රහුමාන් හා එම්.එස්.තවුෆික් යන මහත්වරුන්ට එරෙහිව මේ වන විටත් එම පක්ෂ දෙක කිසිදු විනය පියවරක් ගෙන නොමැත .

එහෙත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතාව මීට සතියකට පමණ පෙර එම පක්ෂයෙන් නෙරපීමට එහි නායක මනෝ ගනේෂන් මහතා පියවර ගෙන තිබෙන අතර ඔහුද රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගෙන් තම පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවරක් නොගන්නේ මන්දැයි ප්‍රශ්න කර තිබෙන බවද දැනගන්නට තිබේ .

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී 6 දෙනා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පක්ෂව ඡන්දය දුන්නේ එම පක්ෂවල නායකයින් දෙපළ වන රවුෆ් හකීම්, රිෂාඩ් බදුදීන් යන මහත්වරුන්ගේ ආශිර්වාදයෙන් හා කැමැත්ත ඇතිව බව ද වාර්තා වේ.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන හාරිස් මන්ත්‍රීවරයා ඒ බැව් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබේ .

Rate this item
(0 votes)
Last modified on Friday, 30 October 2020 12:48