March 28, 2024

රාජකාරි කටයුත්තකට ගොස් සිටියදී බියගම පොලිස් ස්ථානාධිපති හදිසියේ මියයයි

රාජකාරි කටයුත්තකට සහභාගිවී නැවත පොලිසිය වෙත පැමිණෙන අතරතුර හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් බියගම පොලිස් ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ පස්වරු 6.30 ට පමණ හදිසියේ රෝගීවූ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කෙරිණි.

මීගමුව ප්‍රදේශයේ පදිංචි මොහු මියයනවිට 51වන වියේ පසුවිය.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Rate this item
(1 Vote)
Last modified on Friday, 30 October 2020 10:16

Related items