April 27, 2024

"එයාලා ඉන්දියාවට කළ බලපෑමවත් ලංකාවට කළේ නැහැ - ඒක නිසා තමයි කලබල වුණේ නැත්තේ" - විමල්

අද මේ කලබල වී සිටින පිරිස රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, සමන්තා පවෙල් පැමිණි අවස්ථාවේ හීන් කෙඳිරියක්වත් නැගුවේ නැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියි.

දැන් වර්තමාන එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් පොම්පියෝ පැමිණෙන විට තිබෙන්නේ මහින්ද - ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් නිසා ළඟ චූන් එකක් ගත් බවද ඒ මහතා පැවසීය. ඒ අය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

3% මයික් පිම්පියෝ ටික එදා MCC ගිවිසුම හොර රහසේම අත්සන් කරන අවස්ථාවේ කටක් ඇරියේ නැති බවටද විමල් වීරවංශ මහතා චෝදනාවක් එල්ල කළේය.

මහින්ද රාජපක්ෂ මහතාට තමන්ගේ රටේ ස්වෛරීය භාවය, තමන්ගේ රටේ ස්වාධිපත්වය ජාත්‍යන්තර සම්බන්ධතා පවා නොදී ඉන්නට තරම් කොන්දක් තිබුණු බවද මෙහෙතම අවධාරණය කළ අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේෙ ඇමෙරිකාව විසින් ඉන්දීයාවට ගිවිසුම් අත්සන් කිරීමට කළ බලපෑමවත් මෙරටට සිදු නොකළ බවයි.

එය හොඳින් දන්න නිසා පොම්පියෝ පැමිණෙන අවස්ථාවේ තමන් කලබල නොවූ බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

MCC ගිවිසුම තම ආණ්ඩුවෙන් අත්සන් නොකර බව පැහැදිළිව ප්‍රකාශ කරන බව පවසන විමල් වීරවංශ මහතා තව දුරටත් කියා සිටියේ එවන් ගිවිසුමක් අත්සන් කරන රජයක තමන් නොසිටින බවයි.

ප්‍රතිපත්තිමය වශයෙන් හෝ වෙනත් කිසිම ආකාරයක වෙනස් තමන්ගේ සිදු නොවන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 October 2020 08:55