April 20, 2024

පාර්ලිමේන්තුව එක් දිනයකට පමණක් සීමා කිරීමට තීරණයක්

කෝවිඩ්-19 අර්බුදය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනයකට පමණක් සීමා කිරීමට ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය විය.

ඒ අනුව, ලබන නොවැම්බර් 03 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 12 දක්වා පමණක් පාර්ලිමේන්තුව රැස්වන අතර, එදින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත්කර ඇති නියෝග 02ක් විවාදයට ගනු ලබන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එදින මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය සඳහා කාලය වෙන් නොකෙරේ.

මේ අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයේදී මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය හැර වෙනත් කිසිවෙක් පාර්ලිමේන්තු සංකීරණය වෙත ඇතුළුවීමට ඉඩකඩ ලබා නොදීමටද තීරණය වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 October 2020 19:10

Related items