April 26, 2024

20 සම්මත කරගත්ත ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ සංශෝධනයකට සැරසෙයි?

අද (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව ඉදිරියේ දී කැබිනට් මණ්ඩලයේ සංශෝධනයකට සුදානම් වෙමින් සිටින බවයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව මෙලෙස කැබිනට් මණ්ඩලයද සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඉදිරියේ දී ඒ සම්බන්ධව විස්තර ඉදිරිපත් කිරීමටද සුදානම් බවද මයන්ත දිසානායක මහතා පැවසීය. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව ඉදිරියේ දී දැඩි ආරවුලකට පත් වනු ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාද එක්ව සිටියේය. 

Rate this item
(1 Vote)
Last modified on Monday, 26 October 2020 20:47