April 26, 2024

රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් හඳුනා ගන්න ක්‍රමයක්

විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළ දී කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

නාසයෙන් ලබා ගන්නා ශ්‍රාවය මඟින් එම පරීක්ෂණ සිදු කරනු ලබයි.

විශේෂයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට එම ක්‍රමවේදය යොදාගත හැකි අතර රෝගීන් 500 දෙනෙකු යොදාගෙන අත්හදාබැලීම් කර ඇති අතර එයින් ලද ප්‍රතිඵල 97% නිවැරදි බව සඳහන් වේ.

එංගලන්තයේ ප්‍රකට බූට්ස් සමාගම විසින් හඳුන්වා දී ඇති අතර එම පරීක්ෂණය සඳහා පවුම් 120ක් වැය වන බව වාර්තා වේ.

මෙම පරීක්ෂණය සඳහා යුරෝපයේ සහ අමෙරිකාවේ බලධාරීන්ගේ අනුමැතිය ලැබී තිබේ.

Rate this item
(0 votes)