April 26, 2024

දේශපාලන කවටයන් සියලු දෙනා 20 ඉදිරියේ දණ ගැහුවා - බිමල්

20 වෙනි සංශෝධනය ගැන නාහෙන් අඬන සජිත් ප්‍රේමදාසලා හරීන් ප්‍රනාන්දුලා එදා ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ  20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්  කැබිනට් මණ්ඩලයේ හෝ සාකච්ජා කිරීමට ඉඩ නොදුන් බව  ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  බිමල් රත්නායක මහතා පැවසුවේය. 

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ඔටුන්න ගැනීමේ සිහිනය නිසා රටට එම අවස්ථාව අහිමි කළ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

එදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් මගින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට යෝජනා කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් එවකට ජනධිපති හා අගමැතිවරයාත් එය කැබිනට් මණ්ඩලයේ සාකච්ජා කිරීමට අදහස් කර තිබුණේ වත්මන් අගමැතිතුමාගේද  අනුදැනුමින් බව බිමල් රත්නායක මහතා කියාසිටියේය. 

වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ද සජිත් ප්‍රේමදාස මහතා කළේ බොරු විරෝධයක් මැවීම බව හිටපු මන්ත්‍රීවරයා පැවසුවේය. 

20 එපා යනුවෙන් සඳහන් කළ මාස්ක් එක නිකටේ දාගෙන 20ට පක්ෂය ජන්දය දුන් ආකාරය දුටු බවත් එලෙස ජන්දය දුන් කණ්ඩායම පක්ෂයෙන් නෙරපන බවට ද සමඟි ජන බලවේගය තවදුරටත් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බවද හෙතෙම සඳහන් කරන ලදී. 

විපක්ෂයේ ඇතැමුන් පමණක් නොව පොදුජන පෙරමුණේද නරි නාටක දුටු බවත් ඇතැම් මන්ත්‍රීවරු 20ට එරෙහිව ලියූ ලිපිවල හැටියට පාර්ලිමේන්තුවට පැමිණ 20ට ගිනි තබනු ඇති බවට විශ්වාස කළ අතර අවසානයේ සිදුවූයේ දේශපාලන කවටයන් සියලු දෙන 20 වැනි සංශෝධනය ඉදිරියේ දණ ගැසීම බව හිටපු මන්ත්‍රීවරයා  වැඩිදුරටත් අවධාරණය කළේය. 

Rate this item
(0 votes)