April 20, 2024

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් 7කට කොරෝනා - මව්වරු තිදෙනෙකුටත් ආසාදනය වෙලා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමුන් 7 දෙනෙක් කොවිඩ් - 19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ළමුන් සමග සිටින මව්වරු තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මේ අතර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 2ක දැරියකට සහ ඇයගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය ඔක්තෝබර් 20 වන දින හඳුනාගැනුණි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ පියා ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.

Rate this item
(0 votes)