April 27, 2024

අපි ඉන්න එක පක්ෂයේ සිංහල පදනමට හානියක් නම් අපි එලියට යන්නම් - දිගම්බරම්

තමන් සිටින නිසා සමගි ජන බලවේගයේ සිංහල ඡන්ද පදනමට බලපෑමක් වන්නේ නම් තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව වෙනම ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් බව දෙමල ප්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරන කම්කරු ජනතා එකමුතුවේ නායක පලනි දිගම්බරම් මහතා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එම පක්ෂයේ නායකයන් වෙත දැනුම් දී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දිගම්බරන් මහතා මෙම දැනුම්දීම කර තිබෙන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ඡන්දය විමසීමෙන් අනතුරුව පැවති සමගි ජන බලවේගය රැස්වීමක දී ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරන සන්ධානගත පාර්ශවයක් වන ප්‍රගතිශීලී දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ අරවින්ද් කුමාර් මහතාද සිය ඡන්දය ලබා දෙන ලදී. මේ වන විට ඔහුව දෙමල ප්‍රගතිශීලි පෙරමුණෙන් ඉවත් කොට තිබේ.

Rate this item
(7 votes)