April 18, 2024

පළාත් සභාවට අපි වෙනම ඉල්ලනවා - සුළු ජාතික පක්ෂවලට වෙනම ඉල්ල ගන්න පුළුවන් - කිරිඇල්ල

එළැඹෙන පළාත් සභා මැතිවරණයේ දී සමගි ජන බලවේගය සුළු ජාතික පක්ෂ සමඟ සන්ධානගත නොවී මැතිවරණයට තනියම ඉදිරිපත් වීමට තීරණය කර තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය සෘජු සාමාජිකයන් වන සුළු ජාතික අපේක්ෂකයන්ට පළාත් සභා මැතිවරණයේදී අවස්ථාව ලබාදීමට පක්ෂය තීරණය කර තිබෙන බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රවුෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් මහතා නායකත්වය දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, පලනි දිගම්බරම් මහතා නායකත්ව දරන කම්කරු ජනතා එකමුතුව යන පක්ෂ වලට පළාත් සභාවට ස්වාධීනව තරග කළ හැකි බව ද කිරිඇල්ල මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමට පෙර පක්ෂය සතුව සුළු ජාතික නියෝජනයක් තිබු බව සඳහන් කරන කිරිඇල්ල මහතා වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්වීමෙන් පසු ගෙවුණු වසර 26 තුළ ඔහුගේ කම්මැලිකම මත සුළු ජාතික ඡන්ද සංවිධානය කිරීමේ වගකීම ඒ ඒ අදාළ පළාත් වල සුළු ජාතික පක්ෂ වෙත ලබා දුන් බව ද පෙන්වා දෙයි.

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් අහිමි කල එම සුළු ජාතික පදනම යලිත් ගොඩනගා ගැනීමේ මූලික අඩිතාලම දමන බවද කිරිඇල්ල මහතා සඳහන් කරයි.

අසීරු අවස්ථාවේ පක්ෂය සමඟ සිටී මරික්කාර්, මුජුබර් රහුමාන්, කබීර් හෂීම්, හලිම්, ඉමිතියාස් බකීර් මාකර්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් යන සුළු ජාතින් නියෝජනය කරන මහත්වරුන්ට මේ අවස්ථාවේදී ස්තුතිය පල කරන බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 October 2020 10:58

Related items