April 20, 2024

අවමංගල උත්සවයකට ගිය තිදෙනෙකුට කොරෝනා

බලපිටිය, කටුවිල ගම්මානයේ අවමංගල උත්සවයට සහභාගි වු තවත් පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. 

කාන්තාවන් දෙදෙනෙකුට පිරිමි පුද්ගලයෙකුට මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවත් ඔවුන් තිදෙනා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.

බලපිටිය කටුවිල ගම්මානයේ පුද්ගලයින් 582 නෙකු පි. සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා ඉන් 45 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ වාර්තාවල ලැබුණු බවත් ඉන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ඔහු කියා සිටියේය.

අනික් පුද්ගලයින්ගේ පි.සි.ආර්. පරික්ෂණ වාර්තා ලැබිමට නියමිතව ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)