April 19, 2024

20ට පක්‍ෂ වූයේ හකීම්ගේ අනුමැතිය මතයි - 20ට සහාය දුන් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීගෙන් ප්‍රකාශයක්

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරන ලද්දේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුමැතිය මත බව එම පක්‍ෂයේ සිටිමින් 20 වන සංශෝධනයට පක්‍ෂ වූ එච්.එම්.එම් හාරිස් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

දෙමළ මාධ්‍ය රූපවාහිනී නාලිකාවට මේ බව ප්‍රකාශ කරමින් ඔහු මේබව සඳහන් කර ඇත.

තම මන්ත්‍රීවරුන් සිව්දෙනා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව රවුෆ් හකීම් මහතා දැනුවත් බවත් ඔහුගේ අනුදැනුම මත ඡන්දය ලබා දුන් බවත් ඔහු එහිදී සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පක්‍ෂ නායක රවුෆ් හකීම් මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් වී තිබේ.

එම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලයද ඉක්මනින්ම හමුවනු ඇතැයිද වාර්තා වෙයි.

Rate this item
(1 Vote)