April 20, 2024

20ට පක්ෂ වූ අරවින්ද් කුමාර් පක්ෂයෙන් නෙරපයි

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඊයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පියවර ගෙන තිබේ.

ඉදිරියේදී දේශපාලන මණ්ඩලය රැස්කර ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට ද පියවර ගන්නා බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

එසේම, මන්ත්‍රීවරයා නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණට ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස දැනුම්දීමට ද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)