April 18, 2024

"20 එපා" මුඛ ආවරණය පැළඳ මන්ත්‍රී මයන්ත කතානායක පුටුවේ හිඳගනී (VIDEO)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කාරක සභා අවස්ථාවේදී මුලසුන හොබවන මන්ත්‍රීවරයා ලෙස කතානායක අසුනේ කටයුතු කරන විට ඔහු පැලදි මුඛ ආවරණය පිළිබඳ කාගේත් අවධානය යොමුව තිබිණි.

ඊට හේතු වී තිබුණේ මයන්ත දිසානායක මන්ත්‍රීවරයා 20වන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වමින් මුඛ ආවරණයක් පැලඳ සිටීම හේතුවෙනි.

කතානායක පුටුවේ මුලසුන හොබවන අවස්ථාවක එවැනි විරෝධය දක්වන පාඨයක් සහිත මුඛ ආවරණයක් පැලඳ සිටීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා දැඩි විරෝධයක් පල කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 October 2020 18:56

Related items