April 23, 2024

කොවිඩ් මාළුවන්ටත් වැට බදී Featured

මත්ස්‍යයින්ගේ පෘෂ්ඨය මත කොවිඩ් 19 වෛරසය සජීවී ආකාරයෙන් කෙතරම් කාලයක් පවතින්නේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු හමුවී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ,

“වුහාන් ප්‍රාන්තයේ ආරම්භයේ දී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළෙඳ සැලක් ආශ්‍රිතව ඒ නිසා මේ අවස්ථාවේ දී අපි හරියටම නිශ්චිතවම කියන්න දන්නේ නැහැ මාළුන්ගේ මේ වෛරසය තැවරී තිබෙනවා නම්, ආසාදිතයෙකුගෙන් එය කොයිතරම් දුරකට තවත් කෙනෙකුට ව්‍යාප්ත වීමට බලපානවා ද කියලා. නමුත් ඒ නිසා මාළු ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපි නිතරම කියන විදියට සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ. යම් ආකාරයකින් මාළු පිරිසිදු කිරීමක් හෝ අතපත ගෑමක් හෝ ස්පර්ශ කිරීමෙන් මෙන්ම ඒ අවස්ථාවේ දී මුහුණ ඇල්ලීමෙන් වැළකී සිටින්නේ නම් අපිට පුළුවන් වෙනවා, මේ කොවිඩ් 19 වෛරසය යම් අවධානමක් තිබෙනවා නම් මාළුවල පෘෂ්ඨයේ තැවරිලා තිබිලා කෙනෙකුට ඒක අවම කර ගන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ දී මාළු පරිභෝජනය ගැන බියක් හෝ චකිතයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නෑ.“ යනුවෙනි

Rate this item
(0 votes)