April 20, 2024

නව ජාතික බලවේගයක් ගොඩනැගීමට ඉල්ලීම් රැසක් මට එනවා - මේ විදියට ගියොත් ඒකත් වෙයි

නව විකල්ප ජාතිකත්ව බලවේගයක් ගොඩ නැගීම සඳහා මැදිහත් වෙන ලෙස බොහෝ පිරිස් තමන් වහන්සේ ගෙන් ඉල්ලීම් කරන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරයි.

හොඳ ජාතික බලවේගයක් ගොඩ නැගීම සඳහා ඉදිරිපත් වන ලෙස තමන් වහන්සේට ඉල්ලීම් රැසක් ද ඉදිරිපත් කර තිබෙන බවද උන්වහන්සේ සඳහන් කරයි.

ආණ්ඩුව දැන් කටයුතු කරගෙන යන ආකාරය බලන විට ඉදිරියේදී ඒ දේ සිදුවීමට ඉඩ තිබෙන බවට ද උන්වහන්සේ අනතුරු අඟවයි.

පූජ්‍ය මුරුත්තෙත්තුවේ ආනන්ද හිමියන් එම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(4 votes)
Last modified on Thursday, 22 October 2020 16:15

Related items