April 19, 2024

මරණීය දණ්ඩනය දෙන එක මගේ පෞද්ගලික මතය නොව අපේ පක්ෂයේ මතයයි

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තමන්ගේ පෞද්ගලික ස්ථාවරයක් නොව තමන් නායකත්වය දෙන සමඟි ජන බලවේගයේ ස්ථාවරය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

ඒ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔබේ පෞද්ගලික මතයද නැතිනම් පක්ෂයේ මතය ද යන්න අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසිනි.

තම පක්ෂය තුල ආණ්ඩු පක්ෂයේ මෙන් පෞද්ගලික මතවාද නොමැති බවත් තිබෙන්නේ පොදු මතවාද බවද එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)