April 20, 2024

තුනෙන් දෙක ශුවර් බව බැසිල් මන්ත්‍රී නිවසකදී කියලා

අද (22) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සඳහා අවශ්‍ය තුනෙන් දෙකක මන්ත්‍රී සහය පොදුජන පෙරමුණ සතුව තිබෙන බවට දැඩි විශ්වාසයක් තිරය පිටුපස සැලසුම්කරු වූ බැසිල් රාජපක්ෂ මහතාට තිබෙන බව දැනගන්නට තිබේ.

ඊයේ (21) සවස පාර්ලිමේන්තුව අසල පදිංචිව සිටින පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන වෘත්තියෙන් ආර්ථික විශේෂඥයෙකුගේ නිවසේ බැසිල් රාජපක්ෂ මහතා පැය දෙක හමාරකට වැඩි කාලයක් ඉතා සැහැල්ලුවෙන් ගත කර තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

20 වන සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක සහය අද සවස පාර්ලිමේන්තුවේදී ඉතා පහසුවෙන්ම ලබා ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කොට තිබෙන බවද දැනගනන්ට තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 22 October 2020 10:04