April 24, 2024

කෑගල්ලේ වෛද්‍යවරියන් තිදෙනෙකුට කොරෝනා

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 23දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇත.

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේ කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරන වෛද්‍යවරියන් තිදෙනෙක්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඉන් එක් වෛද්‍යවරියකගේ ස්වාමිපුරුෂයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊට පෙරම තහවුරු වූ බව ඒ මහතා සදහන් කරයි.

ඊට අමතරව එම වෛද්‍යවරියගේ පුතාට, දියණියට සහ ගෘහ සේවිකාවද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වන විට ඔවුන් සියලුදෙනා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Rate this item
(0 votes)