April 26, 2024

කොළඹ ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශ සඳහා නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

කොවිඩ් නයිටීන් වෛරස ආසාදනය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පැනවු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 22 October 2020 08:05