April 25, 2024

20 ගේන හේතු අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

20 වන සංශෝධනය ගෙන එන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19වැනි සංශෝධනය ඉවත් කිරීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේදි පැවසීය.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව ලැබූ ජනවරම තුළ ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාව තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඒ නිසා ජාතික ආරක්ෂාව තහවුරු කරන 20වන සංශෝධනය ගෙනවිත් රට අරාජික කරන 19වන සංශෝධනය පරාජය කරන බව පෙන්වා දුන්නේය.

20වන සංශෝධනය ගෙන එමින් රජය සූදානම් වන්නේ පවතින ආණ්ඩුක්‍රම වයවස්ථාව තවදුරටත් පවත්වාගෙන යාමට නොවන බව කී අග්‍රාමාත්‍යතුමා චිරාත් කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් ඉක්මනින් ගෙන එන බවට විශ්වාසය පළ කලේය.

අග්‍රාමාත්‍යවරයාගේ සම්පූර්ණ කතාව පහතින්.

Rate this item
(0 votes)