March 28, 2024

PCR කරන්නේ නැතුව රිෂාඩ්ව පාර්ලිමේන්තු එවන්න බැහැලු

බන්ධනාගාරගත කොට සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට PCR පරීක්ෂණයක් නොකොට පාර්ලිමේන්තුවට සහභාගි වීමට අවසර ලබා දිය නොහැකි බව බන්ධනාගාර වෛද්‍යවරයා දැනුම් දී තිබෙන බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කරන ලදී.

පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීවරයෙකු හැර අන් කිසිවෙක් PCR පරීක්ෂණයකට මුහුණ දී නොමැති බවද රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.

මේ වන විට අත්අඩංගුවට පත් රිෂාඩ් බදියුදීන් මහතා මීගමුව - පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කොට තිබේ.

Rate this item
(0 votes)