April 25, 2024

රනිල්ගේ බලපෑම මත මගේ පාස්පෝට් එක තහනම් කළා Featured

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා යහපාලන අමාත්‍ය මණ්ඩලයේ බලපෑම මත සිය විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ක්‍රියා කළ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේය.

කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් දින 03කට පසුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය නොමඟ යවමින් තහනම් නියෝගය ලබාගත් බවත් එසේ බොරු තොරතුරු මත විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීම ජාත්‍යන්තර නීතිය පවා උල්ලංඝනය කිරීමක් බව වීරතුංග මහතා පෙන්වා දුන්නේය.

විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීම පිළිබඳ යහපාලන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වූ බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පිළිගෙන ඇති බව සඳහන් කළේය.

තානාපති ධුරයේ කටයුතු නොකරන අවස්ථාවල කිසිඳු ආකාරයකින් රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් භාවිතා නොකළ බව වීරතුංග මහතා පෙන්වා දුන්නේය.

කොමිසමේ සභාපති - ගමන් බලපත්‍රය අවලංගු කරන බවට දැන්වීමක් ලැබුණා ද?

සාක්ෂිකරු - නැත ස්වාමීනි.

සාක්ෂිකරු - බැහැ ස්වාමීනි. වලංගු කාලය සාමාන්‍යයෙන් අවුරුදු දහයයි.

කොමිසම - රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් අවලංගු කළ හැකි බව මා දන්නා තරමින් කොහොමත් සඳහන් වී නෑ. ලංකාවෙත් නෑ. ලෝකයෙත් නෑ. ආගමන විගමන චක්‍රලේඛයක් නම් තිබෙනවා.

සාක්ෂිකරු - තනතුරක් හිමි නැතුව රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍ර කවුරුන් විසින් භාවිතා කළ ද ප්‍රශ්න එනවා.

කොමිසම - නමුත් පාවිච්චි කළ බවට නඩු දාන්න බෑ.

සාක්ෂිකරු - ඔව් ස්වාමීනි. මාගේ බලපත්‍රය අවලංගු කරන්න යැයි පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතායි.

Rate this item
(1 Vote)