March 19, 2024

20ට සංශෝධන තුනක් - කැබිනට් අනුමැතියත් හිමිවෙයි Featured

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළව නව සංශෝධන 3ක් ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (19) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී එම තීරණය ගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

19 වැනි ව්‍යවස්ථාවේ පවතින පරිද්දෙන් අමාත්‍ය මණ්ඩලය පවත්වාගෙන යෑම විගණනය සහ හදිසි පනත් සම්බන්ධයෙන් සංශෝධනයන් සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණයට පැමිණි බවද හෙතෙම පැවසීය.

ජාතික ආපදාවකදී හෝ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම වෙනුවෙන් හදිසි පනත් සංශෝධනය වැදගන් වනු ඇතැයිද ඇමැති විමල් වීරවංශ මහතා මෙහිදී කියා සිටියේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ නොයෙකුත් පාර්ශව වෙතින් පැමිණි කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග කැබිනට් මණ්ඩලය කළ සාකච්ඡුාවකින් අනතුරුව මෙම තීරණයන්ට පැමිණි බවද ඇමැති විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)

Related items