April 18, 2024

"මගේ චරිතය රඟපාන්න එපා" - මුරලිගෙන් ඉන්දියානු නළුවාට ලිපියක්

දකුණු ඉන්දියානු සුපිරි නළු විජේයි සේතුපති රංගනයෙන් දායක වන ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලෝක පූජීත දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැගත් "800" චිත්‍රපටය නවත්වන ලෙස ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම කර තිබෙන්නේ මුරලිම වීම විශේෂත්වයකි.

800 චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන විජේයි සේතුපති හට ලිපියක් යවමින් මුරලි මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වෙයි. මෙලෙස චිත්‍රපටය නවත්වන ලෙසත් එම චරිතයෙන් ඉවත් වෙන ලෙසත් මුරලි විසින් සේතුපතිගෙන් ඉල්ලා ඇත්තේ එල්ටීටීඊ සංවිධානයේ ආධාරකරුවන් සහ ඊළාම් ත්‍රස්ත බෙදුම්වාදීන්ගෙන් දිගින් දිගටම එල්ල වූ විරෝධතා හමුවේය.

දැඩි විරෝධයක් එල්ලව ඇති තමන්ගේ චරිතාපදානය රැගත් මෙම චිත්‍රපටය රඟපෑම තුළින් විජේයි සේතුපති හට අනාගතයේ දී ඔහුගේ සිනමා දිවියට සිදුවිය හැකි ප්‍රතිවිපාක ගැන තමන් කම්පා වන බවත් ඒ හේතුවෙන් මෙම චිත්‍රපටයෙන් ඉවත් වෙන ලෙස මුරලි තම ලිපිය මඟින් විජේ සේතුපතිගෙන් ඉල්ලා ඇති බව සඳහන් වෙයි.

තමන් ජීවිතයේ විවිධ බාධකවලට මුහුණ දුන් බවත් ඒවායෙන් කිසි විටකත් පලා නොගොස් ඒවා ජයගත් බවත් පවසන මුරලි වැඩි දුරටත් කියා තිබුණේ තමන්ගේ චරිතාපදානය ඇතුළත් මෙම චිත්‍රපටය නිර්මාණයට තමන් එකඟ වු‍යේ එය තරුණ තරුණියන්ට සහ තරුණ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජීවිතයට යමක් එකතු කරනු ඇතැයි සිතූ නිසා බවද පවසා තිබුණි.

නමුත් "800" චිත්‍රපටයේ නිෂ්පාදකයන් මෙම පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
සබැඳි පුවත
මුරලිගේ ලිපිය විජේයි සේතුපති තම ට්විටර් ගිනුමේ පළ කර තිබූ අයුරු
Rate this item
(0 votes)
Last modified on Monday, 19 October 2020 20:32