එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පක්ෂයේ එකඟතාව මත ඉතා ඉක්මනින් සුදුස්සකු පත් කරන බව පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයිි.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුව සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කරුණු විමසූ අවස්ථාවේ දී වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබේ.
සුදුසුකම් ඇති කිහිප දෙනකු මන්ත්‍රී ධුරය බලාපොරොත්තු වන බව සඳහන් කර ඇති වික්‍රමසිංහ මහතා ඡන්දයෙන් නොතේරුණු කෙනකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකරන බවට පක්‍ෂය තීන්දුවක් ගෙන ඇති බැවින් පාර්ලිමේන්තු යැවිය යුත්තේ කවුරුන්දැයි ඉක්මණින් තීන්දු කරන බවත් පවසා ඇත.
පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් වී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පත්ව යාමට අකිල විරාජ් කාරියවසම් මහතා සිය බලවත් කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම ඔහු විසින්ම මැතිවරණ කොමිසමට යැවීමට උත්සාහ කළ බවට පසුගිය දා සමාජ මාධ්‍යවල පළවී තිබිණි.