April 26, 2024

20 හා පළාත් සභා පිළිබඳව සරත් වීරසේකර කාදිනල් හිමියන්ව දැනුවත් කරයි

පළාත් පාලන ආයතන තුළින් ඉදිරියේ දි ජනතාවට ලබා දීමට අපේක්ෂා කරන කාර්යක්ෂම සේවාවන් හා පළාත් සභා සම්බන්ධයෙන් දැනට කෙරී ඇති නිරීක්ෂණයන් පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් උතුමාණන් හා පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතර පසුගියදා පැවැත්විණි.

එහිදී 19ට විරුද්ධ වු එකම මන්ත්‍රීවරයා ලෙස 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අදහස් සහ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් කාදිනල් මැල්කම් රංජිත් උතුමාණන් වෙත සිදු කරනු ලැබීය.

මීට අමතරව වර්තමාන සමාජයේ ඇති වී තිබෙන ගැටළු සහ ඒ සඳහා ගන්නා රජයේ ක්‍රියා පිළිබඳව සුහද කතාබහක් සිදු කෙරිණ.

Rate this item
(0 votes)

Related items