April 18, 2024

මොරටුව රෝහලත් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි

මොරටුව ලුනාව දිස්ත්‍රික් රෝහල කොරෝනා ආසාදිත කාන්තා රෝගීන්ගෙන් පිරීගොස් ඇතැයි ලුනාව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජයලත් ජයතිලක මහතා පවසයි.

මෙම රෝහල සතුව ඇති ඇඳන් 80 මෙම කොරෝනා රෝගීන් වෙනුවෙන් දී ඇති අතර ඊයේ (18) දහවල් වනවිට රෝගී කාන්තාවන් 75දෙනෙකුගෙන් පිරී තිබූ බව වෛද්‍යවරයා සඳහන් කළේය.

ලුනාව රෝහලේ ප්‍රතිකාර ලබනුයේ කටුනායක, සීදුව, දිවුලපිටිය, මිනුවන්ගොඩ යන ප්‍ර දේශවල රෝගීන් බවත් ඔවුන් සියලු දෙනා කාන්තාවන් බවත් ඔහු පැවසීය.

කොරෝනා රෝගීන් රැගෙන ඒමට පෙර ලුනාව රෝහලේ සිටි රෝගීන් පානදුර මූලික රෝහලටත් පිළියන්දල රජයේ රෝහලටත් මාරු කර යවා ඇති බවත් රෝහලේ වෛද්‍ය පහසුකම් අවශ්‍ය පරිදි සපයා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)