March 29, 2024

Covid-19 අපේ කර්මාන්තශාලා තුල නිෂ්පාදනයක් නෙවෙයි - සමාජය අපේ තරුණියන්ව අපායට තල්ලු කරනවා - බ්‍රැන්ඩික්ස්

වර්තමානයේ ඇතිවී තිබෙන covid-19 රැල්ල පිළිබඳව බ්‍රැන්ඩික්ස් ආයතනයට එල්ල වන චෝදනාවන්ට එම ආයතනයේ කළමනාකාරිත්වය දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.

covid 19 බ්‍රැන්ඩික්ස් ආයතනයේ කර්මාන්ත ශාලා තුළ නිෂ්පාදනය කළ එකක් නොවන බව මේ රටේ ජනතාව දැනගත යුතු බව ද එහි කළමනාකාරීත්වය පෙන්වා දෙයි.

ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට ගෙන ආ ගුවන් යානා මත්තල ගුවන් තොටුපළට ගොඩබෑමට තීරණය කළේ බ්‍රැන්ඩික්ස් ආයතනය නොවන බව ද ඔවුන් සඳහන් කරයි.

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් 168 දෙනාම ඩර්ඩන්ස් රෝහල විසින් PCR පරීක්ෂණ සදහා ලක්කල බවත් පෙන්වා දෙන එම කළමනාකාරීත්වය ඉන්පසු ඔවුන්ගේ පාලනය යුද හමුදාව අතට පත් වූ බවද සඳහන් කරයි.

නව covid-19 රැල්ල පිළිබඳව එල්ලවන චෝදනාවන් මත බ්‍රැන්ඩික්ස් ආයතනයේ තරුණියන් සමාජය විසින් අපායට තල්ලු කර තිබෙන බවද එම කළමනාකාරිත්වය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)